අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් ඇළ මාර්ගයක (ඡායාරූප)

අලුත් උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී අද (24) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබූ මෙම මළ සිරුර වතු කම්කරුවන් පිරිසක් දැක ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව වතු කම්කරුවන් පිරිසක් විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම බිළිඳු මළ සිරුර සොයාගත් බවයි නොර්වුඩ් පොලීසිය සඳහන් කළේ

පොලිතින් උරයක දමා මෙම බිළිඳු මළ සිරුර ගෙනවිත් දමා ඇති අතර, බිළිඳා බිහිකළ මව සොයා නොර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
16
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?