අලුත් අවුරුදු උදාව අදයි – අවුරුද්ද පිළිගන්න ශ්‍රී ලාංකිකයින් ලහි ලහියේ සූදානම්

අද (13) රාත්‍රියේ උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම වෙනුවෙන් මේ වනවිට ශ්‍රී ලාංකිකයින් ලහි ලහියේ සූදානම් වනවා.

මෙවර අලුත් අවුරුදු නැකැත් පත්‍රයට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ අද (13) අපරභාග 09.05ටයි.

අද දින එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 02.41 සිට හෙට (14) දින අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා.

ඒ, අනුව අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි බවයි මෙවර අලුත් අවුරුදු නැකැත් පත්‍රයේ දැක්වෙන්නේ.

මෙවර ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අද දින එනම් අප්‍රේල් මස 13 වනදා රාත්‍රී 11.06ටයි.

නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, තල – උක් හකුරු මිශ්‍ර කිරිබතක් හා තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම යහපත් බවයි ජ්‍යෝතිශ්‍යයේ සඳහන් වන්නේ.

වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය අද (13) මධ්‍යම රාත්‍රී 12.06ට යෙදෙන සුබ නැකතින් නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකළ යුතු බව මෙවර අවුරුදු නැකැත් පත්‍රයේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පොහොට්ටුව මහා නාහිමිවරුන්ට කියයි
02:16
Video thumbnail
අවු:20 - 30කට මේ ආණ්ඩුව කරන්න ඇවිත් තියෙන්නේ..සටන මෙතනින් ඉවර වෙන්නේ නෑ
02:15
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
02:13
Video thumbnail
නාමල් මුදල් ගත්තනම් ඒ සාක්ෂි පෙන්නලා දඬුවම් කරන්න - අපි ආණ්ඩුවට තර්ජනය කරන්නේ
10:29
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41