ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරඟ විරාමයෙන් පසුව තමන් ජගත් පාපන්දු පිටියෙන් සමු ගන්නා බව රොනාල්ඩෝ සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් සඳහන් කරනවා.

41 හැවිරිදි වියේ පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස සැලකෙනවා.