spot_imgspot_img

අල්ලස් ගන්න ගිය ඩිපෝ කළමනාකරු අත්අඩංගුවට

කොන්දොස්තරවරයෙකුගෙන් අල්ලස් ලබා ගැනීමට ගිය ඩිපෝ කළමනාකාරවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ දියසෙන්පුර ලංගම ඩිපෝවේ කළමනාකාරවරයායි.

ඩිපෝවේ සේවය කරන කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනා මත මෙලෙස අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඩිපෝවට අනුයුක්තව සේවය කළ කොන්දොස්තරවරයකුට බස් ටිකට්පත් තොගයක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවකට අදාළව කොන්දොස්තරවරයා නිදහස් කිරීමට සැකකාර ඩිපෝ කළමනාකරු මෙලෙස රුපියල් 60,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇතැයි සඳහන්.

මෙම කොන්දොස්තරවරයා ඊයේ (24) මැදිරිගිරිය විහාරමාවත ප්‍රදේශයේදී අදාළ මුදල සැකකරු වෙත ලබා දෙන අවස්ථාවේදීයි මෙලෙස අල්ලස් හා දූෂණ මර්ධන ඒ්කකය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලොන්නරුව පොලිසියට බාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?