අයිස් සහ හෙරොයින් තොගයක් සමඟ 22 හැවිරිදි අයෙක් අල්ලයි

කැළණිය පොලිස් වසමේ රණවිරු මාවත ප්‍රදේශයේ දී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලද බවට ලද තොරතුරක් මත කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ සිදුකළ එම වැටලීමේ දී මෝටර් රථයක සිටි රියැදුරු රථයෙන් පලායාමට තැත් කර ඇති ඇති බව වාර්තා වුණා.

එහිදී කාර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් විසින් පලායාමට තැත් කළ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී
එහි තිබී හෙරොයින් ග්‍රෑම් 161ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පොලිස් නිලධාරීන් සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී ජාඇල පොලිස් වසමේ ඉසුරු උයන, කොටුගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අයිස් කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 870ක් සහ විද්‍යුත් තරාදියක් සියාගනිමට හැකි වූ බව පොලිසිය පවසනවා.

අදාළ නිවාස සැකකරු තාවකාලිකව පදිංචිව සිටි නිවස බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන කැළණිය, පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (08) දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කැළණිය කොට්ඨාසය අපරාධ විමර්ශණ කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06