Empty Ad
AFC Banner
Empty Ad

අයියර් යළිත් KKR නායකත්වයට

එළඹෙන අයි.පී.එල් තරගාවලියේ සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රෙයාස් අයියර් නැවත වරක් පත්කර තිබෙනවා.

ශ්‍රෙයාස් අයියර් 2022 අයි.පී.එල් තරගාවලියට පෙර ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිල දී ගත් අතර, 2023 වසරේ දී ද ඔහු කණ්ඩායමේ රඳවා ගන්නට කටයුතු කළේ නායකත්වයේ වගකීම ද පවරමින්.

කෙසේ වෙතත් පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලි මඟ හැරී ගියා.

ඒ, අනුව මෙවර තරගාවලියේ දී කොල්කටා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිතිෂ් රානා හට පැවරී තිබුණා.

2024 තරගාවලිය වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් කණ්ඩායමේ නායකයා ලෙස එක්වීමත් සමඟ නිතිෂ් රානා එම කණ්ඩායමේ උප නායකයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ආබාධය සුවවීමෙන් පසු ශ්‍රෙයාස් අයියර් නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර, එහිදී ඔහු මැදපෙළ පිතිකරුවෙක් ලෙස දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිල අදත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි - 2031 වෙනකම් රටේ පොලිස්පති දේශබන්දු
05:35
Video thumbnail
ආණ්ඩුවට රතු එළියක් - පඩි වැඩි කරාටම මදි !
08:44
Video thumbnail
ටිල්වින් කියන්නේ හොඳ මිනිහෙක්ද ? මගෙන් අහගන්න එපා ඔයාලගේ පැටිකිරිය
05:58
Video thumbnail
ජනකට රතු කට්ට පනී - ආණ්ඩුවේ පලු අරියි
10:31
Video thumbnail
මහ බැංකු අධිපති හෙළිදරව්වක් කරයි - මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න ජාවාරම මෙන්න
05:12
Video thumbnail
ඕන එකෙක් එන්න මාත් එක්ක විවාදයකට අසේල සම්පත් මාධ්‍ය හමුව දෙවනත් කරයි
06:00
Video thumbnail
සීලරතන හිමි ප්‍රබලයෝ කැඳවයි - ලංකාවේම බලය අල්ලන්න ගහන ප්ලෑන් එක
06:59
Video thumbnail
ගොවීන්ගේන් ආණ්ඩුවට ලොකු ලෙඩක්
06:41
Video thumbnail
මහින්දගේ දෙටු පුතු යෝෂිත සහ බිරිඳ නයිට් ක්ලබ් ඇවිත් රඟපු රැඟිලි CCTV කැමරාවේ
06:17
Video thumbnail
බැරි බර කරේ තියන් ආ වෛද්‍ය චමල් සංජීව
04:41

?