spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයියර් යළිත් KKR නායකත්වයට

එළඹෙන අයි.පී.එල් තරගාවලියේ සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රෙයාස් අයියර් නැවත වරක් පත්කර තිබෙනවා.

ශ්‍රෙයාස් අයියර් 2022 අයි.පී.එල් තරගාවලියට පෙර ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිල දී ගත් අතර, 2023 වසරේ දී ද ඔහු කණ්ඩායමේ රඳවා ගන්නට කටයුතු කළේ නායකත්වයේ වගකීම ද පවරමින්.

කෙසේ වෙතත් පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලි මඟ හැරී ගියා.

ඒ, අනුව මෙවර තරගාවලියේ දී කොල්කටා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිතිෂ් රානා හට පැවරී තිබුණා.

2024 තරගාවලිය වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් කණ්ඩායමේ නායකයා ලෙස එක්වීමත් සමඟ නිතිෂ් රානා එම කණ්ඩායමේ උප නායකයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ආබාධය සුවවීමෙන් පසු ශ්‍රෙයාස් අයියර් නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර, එහිදී ඔහු මැදපෙළ පිතිකරුවෙක් ලෙස දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?