AFC Banner
AFC Banner
Empty Ad

අයහපත් කාලගුණයෙන් සිදු වූ වගා හානි වෙනුවෙන් වන්දි පිරිනැමීම අද සිට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි සඳහා වන්දි පිරිනැමීම අද (02) දිනයේ සිට ආරම්භ කරනවා.

ඒ, වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් වෙන්කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ.

මෙම වන්දි පිරිනැමීම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අද (01) දිනයේ ආරම්භ කරන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ.

දිවයිනට බලපෑ තිබූ අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් 175,000කගේ වගාවන් හානියට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ගං වතුර හේතුවෙන් පූර්ණ හානියට පත් වූ වගාවන් යළි ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ සහාය ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?