අයවැය මැද අසනීප වී රෝහල්ගත කළ මන්ත්‍රීට කොරෝනා

යාපනය පේදුරුතුඩුව නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කොවීඩ් වෛරසය ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන් එහි සභාපති ඇතුලු 17 දෙනෙකු නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද පේදුරුතුඩුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසනවා.

පේදුරුතුඩුව නගරසභාවේ 2022 අයවැය ඉදිරිපත් කිරීම සඳහා සභිකයින් රැස් වී නව අයවැය සම්මත වීමෙන් අනතුරුව සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ මන්ත්‍රිවරයෙකුට අසනීප වී රෝහල්ගත කොට සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව නගරසභා කටයුතු තාවකාලිකව නවතා දැමීම සිදු වී තිබෙනවා.

මේ අනුව එහි සභාපතිවරයා, මන්ත්‍රීවරුන් ඇතුලු 17 දෙනෙකු කොරෝනා ආසාදිත මන්ත්‍රීවරයා සමීප ඇසුරු කල ඇති බවට අනාවරණය වීමෙන් එම පිරිස් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවටද සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි රොමේෂ් මධුෂංඛ)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12