අපේ නායකතුමා කිව්ව දේ හරි..එයා හඳ පෙන්නුවම හමුදාපති ඇඟිල්ල දිහා බලලා උත්තර දුන්නේ

රට සති දෙකකට වසන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිද්දී, රට විවෘතව තබා ගනිමින් ශ්‍රී ලාංකික ජනතාව කොවිඩ් මාරයාට බිලිදීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත්, කොවිඩ් කාර්ය සාධක බළකායත් භාරගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය.

එන්නත්කරණය පමණක් කොවිඩ් මර්දනයට විසඳුමක් නොවන බව විශේෂඥ වෛද්‍යවරු කියද්දී පවතින එකම විසඳුම එන්නත පමණක් බවට ආණ්ඩුව ජනතාවට ඒත්තූ ගන්වමින් රට විවෘත කරගෙන සිටින බව ද නියෝජ්‍ය නායකයා කීවේය.

කොළඹදී පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය නායකයා මේ බව සඳහන් කළේය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීවේය.

විශේෂඥ වෛද්‍යවරු කියන්නේ සති දෙකකට රට වහන්න කියලායි. නමුත් ආණ්ඩුව මිනිස්සුන්ට මැරෙන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා. අපි යෝජනා කරන්නේ සති දෙකකට රට වහලා ජීවත් වෙන්න අමාරු ජනතාවට යම් සහනයක් දීලා මේ වසංගතයෙන් රට බේරාගන්න කියලායි. ආණ්ඩුව එතනට නොගියොත් අමාරුවේ වැටෙන්නේ ජනතාව මිස ආණ්ඩුව කරන ඈයෝ නොවෙයි.

ජනතාව අද ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. ආර්ථිකය සීග්‍රයෙන් කඩා වැටිලා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තියෙන හැමදාම ජනතාවගේ අතේ යහමින් මුදල් තිබුණා. පොදුජන පෙරමුණු ආණ්ඩු බලයට පත්වන හැම වෙලාවෙම ජනතාවගේ පොකට් එකට ගැහුවා මිසක් ජනතාවගේ පොකට් එකට මුදල් දැම්මේ නෑ. අපි 2015 දී රුපියල් 10,000 කින් වැටුප් වැඩි කළේ නැති නම් රාජ්‍ය සේවකයන්ගෙන් හරි අඩක් කන්න නැතුව මිය යන්න තිබුණා.

පොහොර නැතුව ගොවියාට තම වගාවන් කර ගන්න විදියක් නෑ. ආණ්ඩුව කාබනික පොහොර දෙනවා කිව්වාට ඒවා කතාවන්ට පමණක් සීමා වෙලා. ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා මෙවර යළ කන්නයේ වී අස්වැන්න 40% කින් අඩුවෙලා. ගොවියෝ එලෙස පීඩාවට පත් වෙද්දී නගරාසන්න පාරිභෝගිකයෝ ගෑස් හිඟය නිසා පීඩා විඳිනවා. ජනතාව ගෑස් ටැංකි අරගෙන පාරක් පාරක් ගානේ රස්තියාදු වෙනවා. තවත් පිරිසක් ගෑස් පෝලිම්වල.

පැයකට රෝගීන් 10 ක් මිය යන බව පැවසෙනවා. රෝගීන් මිය යාමේ වේගය 1.5% ක්. කොවිඩ් රෝගයෙන් ආසියාවේ වැඩිම මරණ අනුපාතය වාර්තා වන රට බවට ලංකාව පත්වෙලා.

අපේ නායකතුමා ප්‍රකාශ කළ දේ නිවැරදියි. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා මෙය විසඳීමේ වගකීම දෙන්න ඕනේ සෞඛ්‍ය අංශයටයි. වගකීම සෞඛ්‍ය අංශයට දීලා මෙහෙයවීමේ වගකීම ඇමැති මණ්ඩලය ගන්න ඕනේ. නායකතුමා මේ ගැන කිව්වාම හමුදාපති උත්තර දෙන්නේ වෙන දේකට. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලලා උත්තර දෙන්න එපා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?