“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” ජනරැළි මාලාව කළුතර දිස්ත්‍රික්කයෙන් අද ඇරඹෙයි

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” තේමාව මුල් කරගනිමින් ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් පවත්වනු ලබන ජනරැළි මාලාව අද (06) කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම ජනරැළි මාලාවේ පළමු ජනරැළිය අද (06) පස්වරු 2.00 බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

එහි දෙවන ජනරැළිය බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නේ පස්වරු 3.30ටයි.

මේ වනවිටත් ඒවායේ සියලු කටයුතු සූදානම්ව පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.