අනුරාධපුර දුම්රිය ස්ථානයේ වේදිකාවේ තිබෙන දුම්රිය ආපන ශාලවේ ආහාර අසුරා තිබෙන කබඩ් වල මීයන් සිට තිබෙනවා.
ඒ පිළිබද දුටු මගීන් කිහිප දෙනෙකු ඒ පිළිබඳ සිය ජංගම දුරකථන ආධාරයෙන් පටිගත කොට ඒ පිළිබඳව අදාල අංශ දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ක්රියාත්මක වූ දුම්රිය බලධාරීන් අදාල ආපන ශාලාව සීල් තැබිමට කටයුතු කර ඇති අතර ඒ මොහොතේ පැමිණි ආපන ශාලාව පවත්වා ගෙන ගිය පුද්ගලයා විසින් සීල් බලෙන් කඩා එහි තිබූ උපකරණ ආහාර ආදිය රැගෙන ගොස් තිබෙනවා.
සෞඛ්ය බලධාරින් පසුව පැමිණ නැවතත් එම ආපන ශාලාව සිල් තබා ඇති අතර සැඟවු ආහාර නැවත රැගෙන එන ලෙසද අදාල පුද්ගලයා වෙත නියෝග කර ඇත.
මෙම ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී අනුරාධපුර දුම්රිය ස්ථානයට අමතරව කොළඹ කොටුව, මහනුවර, මහව සහ යාපනය ආදී දුම්රිය ස්ථානවල ද ආපන ශාලා පවත්වා ගෙන යන්නේ මෙම පුද්ගලයාම බව දැනගන්නට ලැබී තිබේ.


