වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කය පුරා පැවති බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවති.
පානීය ජල මූලාශ්‍රවලට අපිරිසිදු ජලය එක්වී ඇති බැවින් උණුකොට නිවාගත් ජලය පානය කිරීමට ඉතා සුදුසු බවත් වැසි ජලයෙන් යටවී ගිය වගාබිම් වලින් වෙළඳපොලට රැගෙන එන පළා වර්ග , අමු එළවළු, පලතුරු, ආදිය ආහාරයට ගැනීමේ දී වඩාත් සැලකිලිමත්ව ආහාරයට ගැනීමට පෙර ලුණු මිශ්‍ර ජලය යොදා එම පළා වර්ග හා එළවළු වර්ග සෝදා පිරිසිදු කරගෙන සුදුසු උෂ්ණත්වයක පිසගෙන ආහාරයට ගැනීම සුදුසු බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. නිවසේ දී පිස ගන්නා ආහාර පමණක් මේ දිනවල ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවත් ආහාර ගැනීමේ දී ආරක්ෂාකාරී නොවුණහොත් පාචනය වැනි රෝග වැලඳිය හැකි බව වැඩිදුරටත් සදහන්




