අධිකරණ නියෝගය ගැන ක්‍රීඩා ඇමතිගෙන් පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත්කළ අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු කමිටුවට අදාළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ඊයේ ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

අදාළ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එක් මතයක් පමණක් සලකා බලමින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි.

අමාත්‍යාංශයට සහය නොදැක්වීම මෙන්ම දූෂිත ක්‍රිකට් නිලධාරීන් ආරක්‍ෂා කරන ආකාරයෙන් කටයුතු කරන බවට ද ක්‍රීඩා ඇමැතිවරයා නීතිපතිවරයාට චෝදනා කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සමීපතමයන් විසින් නොමඟ යවා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අවධාරණය කළේ රොෂාන් රණසිංහ ද එසේත් නැති නම් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ද යන්න තෝරා ගත යුතු බවයි.

ශ්‍රී ලංකාවේ දූෂිත නිලධාරීන් ගෙදර යැවීම සඳහා පාර්ලිමේන්තුව හෙටම යෝජනාවක් සම්මත කළ යුතු බව එම සාකච්ඡාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සාමූහික තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ එකඟතාව මත විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?