අධිකරණ ඇමතිගෙන් අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට ලිපියක්

අධිකරණ, බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපිය මඟින් දන්වා ඇත්තේ දැනට පවතින නඩුවක රිමාන්ඩ් සිරකරුවෙකුට තමන් පක්ෂග්‍රාහී ලෙස සලකන බවට චෝදනා කරමින් අසත්‍ය ෆේස්බුක් සටහනක් හුවමාරුවන බවයි.

ඒ, සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අදාළ ලිපිය මඟින් දන්වා ඇත්තේ.

අමාත්‍යවරයා යොමුකළ ලිපිය පහතින්..

අධ්‍යක්ෂ,
අපරාධ විමර්ශන කොට්ඨාශය,
ශ්‍රී ලංකා පොලිසිය, යෝර්ක් වීදිය,
කොළඹ 1,

දැනට පවතින නඩුවක රිමාන්ඩ් සිරකරුවෙකුට පක්ෂග්‍රාහී ලෙස සලකන බවට චෝදනා කරමින් අසත්‍ය හා ද්වේෂසහගත ෆේස්බුක් සටහනක් විශේෂ යැයි චෝදනා කරමින් ෆේස්බුක් සටහනක් ඇති බව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත.

අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරයා ලෙස මා විසින්ම රිමාන්ඩ් සිරකරුවෙකුට සැලකීම,ඔහු විසින් අධිකරණය ඇතුළු සමස්ත නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියම හාස්‍යයට හා ගර්හාවට ලක් කරන තත්ත්වයකට ගෙන ආ එම සාවද්‍ය චෝදනාව පළ කළ පුද්ගලයාගේ විස්තර සහ එම පෝස්ටුවෙහි පිටපතක් මෙයින් අමුණමි.

දැනට විභාග වෙමින් පවතින නඩුවක් (උප විනිශ්චය) සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය හරහා එම අසත්‍ය සහ ද්වේෂසහගත පෝස්ටුව ප්‍රචාරය කිරීම සමස්ත නීති පද්ධතියටම දැඩි අගතියක් ඇති කර ඇති අතර එයට පිළියම් යෙදීමට අවශ්‍ය වේ. එය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සහ අපරාධ යුක්ති ක්‍රියාවලියේ අඛණ්ඩතාවයට ද බලපායි. තවද එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් ගැන සඳහන් වන නිසාත්, මෙය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට කැළලක් වන නිසාත්, සමස්ත ජනතාවගේ මනසට අගතියක් ඇති කරනු ලබන බව මා තරයේ විශ්වාස කරමි.

එම නිසා සිදු කර ඇති මෙම වරදේ බරපතල ස්වභාවය සහ එල්ල වී ඇති චෝදනාව සැලකිල්ලට ගනිමින්, ඔබගේ පහසුව අනුව පරීක්ෂණයක් පවත්වා කොටුව අධිකරණයේ මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

ස්තුතියි.

මෙයට – විශ්වාසී,
ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති නීතිඥ
(අධිකරණ, බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29