අධිකරණ අමාත්‍යාංශයෙන් පින් අතේ පින් පිරෙන පුණ්‍යකර්මයක්

පසුගියදා යෙදුණු පොසොන් පොහොය නිමිති කරගෙන මරණයට කැප වූ කිරි එළදෙනක් හා පැටවෙක් නිදහස් කිරීම අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදු කෙරුණා.

අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයේෂා ජිනසේන මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ජුනි 27 වැනිදා මෙම පින්කම සිදු කෙරුණු බවයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අධිනීතිඥ හර්ෂණ නානායක්කාර ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් විසින් එළදෙන සහ පැටවා නිදහස් කිරීමේ පුණ්‍ය ක්‍රියාව වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාග සිදු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?