අධිකරණයෙන් බන්ධනාගාරයට ගෙනා රැඳවියාගේ ගුද මාර්ගයේ දුම්කොල සහ මත්කරල්

කළුතර බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර නැවත රැගෙන ආ රැඳවියෙකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගුද මාර්ගයේ තිබී දුම්කොල සහ මත් පෙති සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබෙනවා.

මත් ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටින මෙම රැඳවියා පරීක්ෂාවට ලක්කිරීමේදී දුම් කොළ පහක්, මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ පෙති 22ක් සහ කරල් 7ක් හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට රැගෙන ගිය අවස්ථාවේ දී කිසියම් ද්‍රව්‍යයක් රහසිගතව සඟවාගෙන ඇති බවට ඔහු භාරව ගිය බන්ධනාගාර නිලධාරියාට ඇති වූ සැකයක් මත මෙම විශේෂ පරීක්ෂාව සිදු කර තිබෙනවා.

අධිකරණ එහි සිර මැදිරියේ රඳවා සිටියදී කිසියම් පුද්ගලයකුගෙන් මෙම ද්‍රව්‍ය ලබාගෙන ඇති බවටයි පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

සැකකරු සම්බන්ධයෙන් කළුතර උතුර පොලිස් ස්ථානයට පැමිණිලි කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසන්තගෙයි - ලාල්කාන්තගෙයි කෙරුවාව චාමර හෙළිකරයි - අපි නම් ඇතුළට යන්න ඉන්න අයනේ
02:37
Video thumbnail
මේකා සජිත්ගේ ගෝලයෙක් - කිකිළියෙක්ගේ තරම් මොළයක්වත් නෑ
02:01
Video thumbnail
ප්‍රසංග නැවතුනොත් සංගීත ශිල්පියා වග කියන්න ඕනි - සංවිධායකයෝ සිංදු කියන්නේ නෑනේ
08:21
Video thumbnail
ආණ්ඩුවේ කට්ටයට බන්ධනාගාර එක්ක සමීප සම්බන්ධතාවක් තියෙනවා
07:08
Video thumbnail
නලින්ද කිව්වේ පට්ටපල් බොරුවක් - මහනායක ස්වාමීන් වහන්සේලා සහාය දුන්නේ නෑ
11:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් නලින්දට හින්ට් එකක් - නලින්ද පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක්
04:01
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව දේ නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි
04:46
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39