2027 වසර සඳහා වු අධ්‍යාපන වැය ශීර්ෂයට විරෝධය පාමින් පොදු ගුරු විදුහල්පති එකමුතුව මගින් එළැඹෙන දෙසැම්බර් පළමුවැනි දින පාර්ලිමේන්තුව අසළට පැමිණ විරෝධතා දක්වන්නට කටයුතු යොදා ඇති බවට නිවේදනය කරනවා.
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය අදහස් දක්වමින්, ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව එම විරෝධතාවය දියත්කිරීමට නියමිත බවටත්, මෙවර අයවැයෙන් ගුරුවරුන්ට සහනයක් ලබාදී නොමැති හේතුවෙන් ඊට එරෙහි විරෝධතාවයකට දෙසැම්බර් පළවෙනිදා තම නායකත්වය යටතේ ගුරු සංගම් රාශියක් ඒකාබද්ධ වී සිටින බවටත් ප්‍රකාශ කරනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමංගල හිමියන්, වත්මන් රජයේ මැති ඇමතිවරු බලයට එන්නට කලින් කතා කරපු දේවල් බලයට ආවට පස්සේ කතා කළේ නෙැමැති බවටත්, හැත්තෑ වසරක සාපේ කිව්වට නියම සාපය මොකක්ද කියලා දැනගත්තේ මේ අවුරුදු තුන තුළ බවටත් චෝදනා කරනවා.
අධ්‍යාපනයට සියයට හයක් ඉල්ලපු අගමැතිවරු ඉන්න ආණ්ඩුවේ ගුරු විදුහල්පති වෙනුවෙන් සොච්චමක්වත් වියදම් කරලා නෙැමැති බවට චෝදනා කරන උන් වහන්සේ, අධ්‍යාපන වැය ශීර්ෂය දෙසැම්බර් පළවෙනිදා ඉදිරිපත් කරන නිසා තම සංගම් විසින්ද විකල්ප යෝජනා ඉදිරිපත් කරන බවටත් ප්‍රකාශ කරනවා.
ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යනු කසේරුකාවක් නැති වෘත්තීය සමිති නායකයෙක් බවට චෝදනා කරන උන් වහන්සේ, තම සභාපතිත්වය යටතේ ගුරු සංගම් රැසක් ඒකාබද්ධ වෙලා කටයුතු කරන බවත් පෙන්වා දෙනවා.
එළැඹෙන දෙසැම්බර් පළමුවැනිදා තම නායකත්වය යටතේ ගුරු සංගම් රැසක් පාර්ලිමේන්තුවට එන බවත්, පුළුවන්නම් එදාට දොර ඇරලා දෙන්න, විකල්ප අධ්‍යාපන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී තමන් විසින් සම්මත කරගන්නා බවටත් අභියෝග කරනවා.
සමස්ත අධ්‍යාපන කේෂ්ත්‍රය නියෝජනය කරමින් තමන් පාර්ලිමේන්තුවට එන බවත්, ඒ නිසා මඩ අවලාද ගහලා මේවා වලක්වන්න බැරි බවත් උන් වහන්සේ අවධාරණය කරනවා.
මීට ඉහතදී ඉතිහාසයේ තමන්ගේ නායකත්වය යටතේ මෙවන් සටන් දිනල තියෙන බවත් උන් වහන්සේ පෙන්වා දෙනවා.
ජාතික ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් රමිත් විජේසිරි, ජාතික ගුරු ව්‍යාපාරයේ සඳුන් බෝදරගම, ජාතික එකමුතු ගුරු සංගමය නියෝජනය කරමින් නිහාල් වෙදගේ ඇතුළු පිිරිසක් ද එහිදී අදහස් දැක්වුවා.










