අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් කාලසටහන් සැකසීම ගැන නව චක්‍රලේඛයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව ලබන වසරේ සිට පාසල්වල, ශ්‍රේණි අනුව පාසල් කාලසටහන් සකස් කළ යුතු ආකාරය දැනුම් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ලබන වසරේ සිට 01 සහ 02 ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන්නේ උදෑසන 7.30 සිට පෙරවරු 11.45 දක්වා පමණයි.

එමෙන්ම 3 සහ 4 ශ්‍රේණි සඳහා පාසල් කාලය උදෑසන 7.30 සිට පස්වරු 1 දක්වාත්, 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් පැවැත්වෙන කාලය උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වාත් වන බව සඳහන්.

ලබන වසරේදී 02 සහ 06 ශ්‍රේණි සඳහා නව විෂයමාලා හඳුන්වා දීමට නියමිතයි.

ඒත් සමඟ සිසුන් ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉහළට යාමත් සමඟ නව විෂයමාලා ක්‍රමවේදය ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

නව විෂයමාලා ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පෙළ සඳහා 2030 වසරේදීත්, උසස් පෙළ සඳහා 2033 වසරේදීත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.