අද රටට අවශ්‍ය හිට්ලර් වගේ පාලකයින් – ඇමති එස්.එම්. කියයි

අද පවතින ප්‍රශ්න දිහා බැලුවම මේ රටට අවශ්‍ය වන්නේ හිට්ලර්ලා වැනි නායකයන් බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

සමහරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් වැනි නායකයකු ලෙස හඳුන්වන බව පැවසූ අමාත්‍යවරයා ඔහු එවැනි පන්නයේ අයකු නොව ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බවද සඳහන් කර සිටියා.

ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු නොවේ නම් යන දුම්රිය මිනිසුන් සමග මග නවතා ගෙන සිටින වෘත්තීය සමිති මේ රටේ තිබෙන්නේ කොහොමදැයි ඔහු ප්‍රශ්න කර සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගැහුවත් කුමන විවේචන කළත් ඔහු දක්ෂ අවංක නායකයකු බවත් ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

රජයට ලැබිය යුතු ආදායම් කොවිඩ් ප්‍රශ්නය නිසා විශාල වශයෙන් අහිමි වුණු බව පැවසූ ඉඩම් අමාත්‍යවරයා ජනාධිපතිවරයා මේ මට්ටමින් හෝ රට කරගෙන යෑම ගැන සතුටු විය යුතු බවද සඳහන් කර සිටියා.

රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ලබන පෙබරවාරි මස තුන්වෙනිදා සිට රට පුරා වැඩ ලක්ෂයක් ඇරඹීමේ වැඩපිළිවෙළක් අරඹන බවද අමාත්‍යවරයා කියා සිටියා.

සුළු කර්මාන්ත, පශු සම්පත්, කුඩා කර්මාන්ත, ගෘහ කර්මාන්ත යන ආදී අංශ මේ යටතේ සංවර්ධනය කෙරෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

රටේ ඩොලර් නැතිවීම මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බවත් එදා රට පාලනය කරපු උදවිය මහා භාණ්ඩාගාරයේ ඩොලර් ගොඩ ගසා තිබුණේ නම් මෙවැනි තත්වයක් උදා නොවන බවයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සඳහන් කළේ.

ජනතාවට බොහෝ අමාරුකම් තිබෙන බව පිළිගන්නා බවත් මේ ජීවත්වීමේ ප්‍රශ්නයට රජයක් හැටියට විසඳුම් ලබාදිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

අර්බුදකාරි තත්වය සමනය කර රට සාමාන්‍ය තත්වයට ගැනීමට හැකිවූයේ එන්නත්කරණයේ සාර්ථකභාවය නිසා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57