අද (13) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













