අද දහවල් අව්වේ ඉන්න එපා ! – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්,. වව්නියාව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ අතර අද (17) දිනයේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කැරණු ලැබුවා.

ඒ, අනුව අද දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණයක් පවතින බවයි දැනුම් දෙන්නේ.

මෙම උණුසුම මිනිස් සිරුරට වඩාත් දැනෙන මට්ටමක පවතිණ බව සඳහන් කරන එම දෙපාර්තෙමන්තුව වැඩිවේලාවක් ඊට නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් සහ විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරලීම් සිදුවිය හැකි බවට අනතුරු අඟවනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
6
+1
5
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?