Fly high Get bonus Aviator Phone

අද ගෙදර යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ තත්වය

කොරෝනා වෛරසය ආසාධිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය දුරකතනය ඔස්සේ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගත් මොහොතේ ඔහු කියා සිටියේ මේ වන විට තමන් යහපත් සෞඛ්‍යය තත්ත්වයක පසුවන බවයි.

තවත් සුළු වේලාවකින් රෝහලෙන් බැහැර ව සිය නිවස වෙත යන බවත් ඔහු පවසා සිටියා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් කොරෝනා වෛරසය ආසාධිත ව රෝහල් ගත වූ මොහොතේ පටන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සෑම දෙනාට ම ස්තූති කිරීමටත් අමතක කළේ නැහැ.

එමෙන්ම, තමන් අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ව්‍යාජ ඡායාරූප පවා උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයින්ට අනුකම්පා කරන  බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.  

හිරු ප්‍රවෘත්ති සමඟ වැඩිදුරටත් අදහස් දැක්වූ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන කියා සිටියේ රෝගය වැළඳුණු බව දැනුණු පළමු අවස්ථාවේදී ම ‍ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

තමන් අද දින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නැවත නිවෙස වෙත යන්නේ එම ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම නිසා බවත් මෙම රෝගය කිසිසේත් සුළුකොට තැකීම සිදු නො කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.තවත් සති දෙකක් පමණ කාලයක් නිවසේ විවේක ගැනීමෙන් අනතුරු ව සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
156
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට සල්ලි දෙන්න අපිට පිස්සුද කියන්නකෝ - බිමල් කැට තියලා කියන කතාව
05:55
Video thumbnail
දොඩංගොඩ ප්‍රදේශයෙන් වෙ# පත්තුවෙයි - කකුලෙන් පහළට පොලිසිය බලය පෙන්වයි
03:15
Video thumbnail
පක්ෂ ලේකම්වරු හදිසියේ හෝටලයක රැස්වෙයි - මොනවද මේ කියන කතා
03:36
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?