අද ගෙදර යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ තත්වය

කොරෝනා වෛරසය ආසාධිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය දුරකතනය ඔස්සේ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගත් මොහොතේ ඔහු කියා සිටියේ මේ වන විට තමන් යහපත් සෞඛ්‍යය තත්ත්වයක පසුවන බවයි.

තවත් සුළු වේලාවකින් රෝහලෙන් බැහැර ව සිය නිවස වෙත යන බවත් ඔහු පවසා සිටියා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් කොරෝනා වෛරසය ආසාධිත ව රෝහල් ගත වූ මොහොතේ පටන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සෑම දෙනාට ම ස්තූති කිරීමටත් අමතක කළේ නැහැ.

එමෙන්ම, තමන් අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ව්‍යාජ ඡායාරූප පවා උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයින්ට අනුකම්පා කරන  බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.  

හිරු ප්‍රවෘත්ති සමඟ වැඩිදුරටත් අදහස් දැක්වූ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන කියා සිටියේ රෝගය වැළඳුණු බව දැනුණු පළමු අවස්ථාවේදී ම ‍ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

තමන් අද දින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නැවත නිවෙස වෙත යන්නේ එම ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම නිසා බවත් මෙම රෝගය කිසිසේත් සුළුකොට තැකීම සිදු නො කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.තවත් සති දෙකක් පමණ කාලයක් නිවසේ විවේක ගැනීමෙන් අනතුරු ව සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14