Update – අන්තරේට යළිත් ජල හා කදුළු ගෑස් ප්‍රහාර

අන්තර් විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනට දෙවන වරටත් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ලකර තිබෙනවා.

කොළඹ 07 නෙළුම් පොකුණ ආසන්නයේ දී ආරක්ෂක අංශ විසින් මෙලෙස ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තා වුණේ.

Update – Monday, January 16, 2023, 5.07 PM

අදත් අන්තරේට කඳුළු ගෑස්

මේ වනවිට සිර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර තිබෙනවා.

මෙම විරෝධතා පා ගමනට කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් විසින් අද (16) දහවල් තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිට සිට මෙම විරෝධතා පාගමනක් ආරම්භ කළා.

මෙම විරෝධතාකරුවන්ගේ පා ගමන හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථවාහන ධාවනයට බාධා එල්ල වූ අතර, බෞද්ධාලෝක මාවත තුන්මුල්ල හංදියෙන් වසා දැමීමට ද පොලිසිය කටයුතු කරනු ලැබුවා.

මේ අතර විරෝධතාකරුවන්ට ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොර දෙසට ඇතුළුවීම වළක්වාලමිනි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) නියෝගයක් ද නිකුත් කළා.

https://youtu.be/FaUddQBRZRs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29