ඊයේ (13) දහවල් කෑගල්ල, වරකාපොළ, තුල්හිරිය ප්රදේශයේ මාඔය ඉවුරේ තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයාගේ මුඛයට ප්ලාස්ටර් අලවා දැඩිව ආවරණය කර තිබුණු බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලිස් පරික්ෂණවලදී මිය ගිය පුද්ගලයාගේ සිරුර අසළ වැටි තිබූ මිය ගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත සොයාගෙන තිබුණු අතර පොලීසිය ඒ ඔස්සේ විමර්ශන සිදුකොට තිබුණා.
එහිදී අනාවරණය වී තිබුණේ මිය ගිය පුද්ගලයා පසුගිය 10 වැනිදා අතුරුදන් වී ඇති බවට මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පන්නල පොලීසියට පැමිණිල්ලක් දමා ඇති බවයි.
ඒ අනුව ක්රියාත්මක වූ පොලීසිය විසින් අතුරුදන් වූ පුද්ගලයාගේ බිරිඳ සම්බන්ධ කරගෙන සිරුර හඳුනා ගැනීමට සමත්ව තිබුණා.
මෙලෙස මිය ගොස් තිබුණේ අරත්තන, උඩුගම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්ෂණ සිදුවෙනවා.
අදාළ සිදුවීමේ වීඩියෝ දර්ශනය පහතින්,