අත්අඩංගුවට ගත් චාල්ස් රජුගේ බාල සොහොයුරා නිදහස් කරයි

අත්අඩංගුවට ගැනුණු බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් නිදහස් කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ විමර්ශනය යටතේ ඔහුව නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි.

රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත ඊයේ (19) දින තුන්වන චාල්ස් රජුගේ බාල සොහොයුරා අත්දන්ගුවට ගනු ලැබුවා.

ඇන්ඩෲගේ 66 වන උපන් දිනය දා පූර්ව දැනුම්දීමකින් තොරව සැන්ඩ්‍රින්හැම් වතුයායේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක්.

ලිංගික අපරාධකරුවන ඇමරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටයින් සමඟ ඇන්ඩෲ පැවැත්වූ සබඳතා සම්බන්ධයෙන් නවතම අනාවරණයක් පාදක කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පවසනවා.

මේ අතර තම සොහොයුරු ඇන්ඩෲව අත්අඩංගුවට ගැනීමට ප්‍රතිචාර වශයෙන් නීතිය තමන්ගේ ක්‍රියාමාර්ගය ගත යුතු බවත් පොලිසියට තමන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් තුන්වන චාල්ස් රජු පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40