AFC Banner
AFC Banner
Empty Ad

අග්බෝගේ කරදර ඉවසාගත නොහැකි වූ වැසියෝ මාලිමා විපක්ෂ කාර්යාලය වටලති (වීඩියෝ)

අග්බෝ හස්තියාට නිසි විසඳුමක් නොමැති වීම හේතුවෙන් තිරප්පනය ප්‍රදේශවාසීන් ජාතික ජන බලවේගය පක්ෂයේ විපක්ෂ කාර්‍යාලය වටලා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අග්බෝ ඇතාගෙන් දිගින් දිගට ම එල්ල වන වගා හානි හා පීඩාවන්ට කඩිනම් විසඳුම් ඉල්ලමින් ඇතුන්ගම ඇතුළු ගම්මාන 07ක ගොවි ජනතාව අද (30) පෙරවරුවේ මෙලෙස විරෝධතාවේ නිරත වුණා.

තිරප්පනේ පොලිස් ස්ථානාධිපතිවරයා පසුව විරෝධතා පැවැත්වුණු ස්ථානයට පැමිණ එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරිය හමුවීමට ගොවි නියෝජිතයින් කිහිපදෙනෙකුට අවස්ථාව ලබා දුන්නා.

එහි දී සිදු කරන ලද සාකච්ඡාවේ දී ද පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බව කියමින් නැවත විරෝධතාකරුවන් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ මහජන සම්බන්ධීකරණ කාර්‍යාලයට පා ගමනින් පැමිණියා.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා හමුවීමට යෑමට උත්සාහ කිරීමේ දී තිරප්පනේ පොලීසිය විසින් බාධා කරනු ලැබූ අතර පසුව මන්ත්‍රීවරයා ව හමුවීමට ද ගොවි නියෝජිතයින් හට අවස්ථාව හිමි වූ බවයි වාර්තා වූයේ.

එහි දී උද්ඝෝෂකයින් කියා සිටියේ මහජනයාට පැන නැගී ඇති ගැටළු සාකච්ඡා කිරීමට මහජන නියෝජිතයා හමුවීමට අවස්ථාව ලබා නොදීම ජනතාවාදී පාලනයකින් අපේක්ෂා නොකළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමඟ සිදු කරන ලද සාකච්ඡාවේ දී ස්ථීර විසදුමක් සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලීම් කළ බවත්, එම කාලය තළ වගා භූමි ආරක්ෂා කිරීමට අතිරේක වනජීවී නිලධාරීන් පිරිසක් යෙදවීමට කටයුතු කරන බවත්, මේ වනවිට ඇතා රැගෙන යාමට සියලු පාර්ශ්වයන් සමඟ පිළිගත හැකි මට්ටමේ සාකච්ඡා කර ඇති බැවින්; මන්ත්‍රීවරයාගේ පොරොන්දුව මත විරෝධතාකරුවන් විසිර ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළයක ලියාගෙන ඇවිල්ලා කියවන බොරු - ජනපතිට පුළුවන් මේවට ඇක්ෂන් ගන්න
Video thumbnail
විද්‍යා පීඨයේ විෂය නිර්දේශය වසර අටකින් වෙනස් වෙලා නැහැ....
05:20
Video thumbnail
අපි තාම එහෙම ගිවිසුමක් දැකල නෑ - ඉස්සර වගේම අමුතු අමුතු උත්තර දෙන මෛත්‍රී
03:06
Video thumbnail
ගෝඨාභය එලවන්න ඇමරිකාව සල්ලි දුන්නද ? පොහොට්ටුව හමුවෙන්න ආපු ජූලි කියපු කතාව
07:04
Video thumbnail
පාඨලීගෙන් ආණ්ඩුවට රතු එළියක් - ආණ්ඩුව කරගත්තේ අවදානම් වැඩක්
04:20
Video thumbnail
අපිට UNP එක තිබ්බත් එකයි නැතත් එකයි අපේ සජිත් මහත්තයා හැමදාම දිනුම් ...
07:59
Video thumbnail
එද්දි අරක දෙන්නම් මේක දෙන්නං කියපු ආණ්ඩුවට දැන් දෙන්නං කියපු දේවල් අමතකයි ...
04:26
Video thumbnail
දෙයියනේ දෙයියනේ රට බේරගත්ත අප්පච්චිට වෙච්චි දෙයක්...
08:00
Video thumbnail
වඳුරගේ සිද්දියට මාලිමා පාක්ෂිකයින්ට හොඳටම තදවෙයි
06:48
Video thumbnail
ගොවියා මර්දනය කරන්න සැලැස්මක් තියෙනවා
03:38

?