අග්බෝගේ කරදර ඉවසාගත නොහැකි වූ වැසියෝ මාලිමා විපක්ෂ කාර්යාලය වටලති (වීඩියෝ)

අග්බෝ හස්තියාට නිසි විසඳුමක් නොමැති වීම හේතුවෙන් තිරප්පනය ප්‍රදේශවාසීන් ජාතික ජන බලවේගය පක්ෂයේ විපක්ෂ කාර්‍යාලය වටලා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අග්බෝ ඇතාගෙන් දිගින් දිගට ම එල්ල වන වගා හානි හා පීඩාවන්ට කඩිනම් විසඳුම් ඉල්ලමින් ඇතුන්ගම ඇතුළු ගම්මාන 07ක ගොවි ජනතාව අද (30) පෙරවරුවේ මෙලෙස විරෝධතාවේ නිරත වුණා.

තිරප්පනේ පොලිස් ස්ථානාධිපතිවරයා පසුව විරෝධතා පැවැත්වුණු ස්ථානයට පැමිණ එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරිය හමුවීමට ගොවි නියෝජිතයින් කිහිපදෙනෙකුට අවස්ථාව ලබා දුන්නා.

එහි දී සිදු කරන ලද සාකච්ඡාවේ දී ද පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බව කියමින් නැවත විරෝධතාකරුවන් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ මහජන සම්බන්ධීකරණ කාර්‍යාලයට පා ගමනින් පැමිණියා.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා හමුවීමට යෑමට උත්සාහ කිරීමේ දී තිරප්පනේ පොලීසිය විසින් බාධා කරනු ලැබූ අතර පසුව මන්ත්‍රීවරයා ව හමුවීමට ද ගොවි නියෝජිතයින් හට අවස්ථාව හිමි වූ බවයි වාර්තා වූයේ.

එහි දී උද්ඝෝෂකයින් කියා සිටියේ මහජනයාට පැන නැගී ඇති ගැටළු සාකච්ඡා කිරීමට මහජන නියෝජිතයා හමුවීමට අවස්ථාව ලබා නොදීම ජනතාවාදී පාලනයකින් අපේක්ෂා නොකළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමඟ සිදු කරන ලද සාකච්ඡාවේ දී ස්ථීර විසදුමක් සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලීම් කළ බවත්, එම කාලය තළ වගා භූමි ආරක්ෂා කිරීමට අතිරේක වනජීවී නිලධාරීන් පිරිසක් යෙදවීමට කටයුතු කරන බවත්, මේ වනවිට ඇතා රැගෙන යාමට සියලු පාර්ශ්වයන් සමඟ පිළිගත හැකි මට්ටමේ සාකච්ඡා කර ඇති බැවින්; මන්ත්‍රීවරයාගේ පොරොන්දුව මත විරෝධතාකරුවන් විසිර ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58