AFC Banner
Empty Ad
Empty Ad

දීඝවාපියේ නිවාස බෙදා දීමක් ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

2009 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති නඩුකරයකට පාදක වී පැවැති දීඝවාපිය ප්‍රදේශයේ සෞදි අරාබියානු රජයේ ආධාර මත ඉදිකරනු ලැබූ නිවාස ව්‍යාපෘතියක නිවාස 500ක් එම ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දීමට රජය තීරණය කර ඇති බවත් එම නිවාස බෙදාදීම අම්පාර දිස්ත්‍රික්කයේ ජනවාර්ගික අනුපාතය පදනම් කරගෙන සිදුකිරීමට තීරණය වී ඇති බවත් නීතිපතිවරයා ඊයේ (03) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අදාල නිවාස ව්‍යාපෘතියේ නිවාස බෙදා දීම වළක්වාලමින් හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් 2009 වසරේදී තීන්දුවක් ලබා දී තිබූ බවත් එම නඩුකරයට අදාළව මෙම මෝසම ගොනුකර තිබෙන බවත් නීතිපති සංජේ රාජරත්න පෙන්වා දුන්නා.

අදාළ මෝසම ඊයේ ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමය වර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත් අදාල නිවාස 500 ජනතාව අතර බෙදා දෙන ලෙස සවුදි අරාබියානු රජය විසින් රාජතාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් ඒ අනුව අදාල නිවාස බෙදා දීමට රජයේ අවධානය යොමුවී තිබෙන බවත් නීතිපතිවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ජනවාර්ගික සංයුතිය පදනම් කරගෙන අදාළ නිවාස ජනතාව අතර බෙදා දීමට තීරණය කර ඇති බවත් ඒ අනුව, මුස්ලිම් පවුලක 217ක් සිංහල පවුල් 195ක් දෙමළ පවුල් 87ක්, ඉන්දියානු දෙමළ පවුල් 01ක් වශයෙන් අදාල නිවාස පන්සිය බෙදා දීමට තීරණය කර තිබෙන බවත් නීතිපතිවරයා සඳහන් කළා.

මෙම නිවාස බෙදාදීම සම්බන්ධයෙන් කිසිවෙකු සෑහීමකට පත් නොවන්නේ නම් එම පාර්ශවයට අධිකරණය හමුවට පැමිණීමට හැකි බවත් මෙම නිවාස බෙදා දීමේ ක්‍රියාවලිය පිළිබඳව අධිකරණය දැනුවත් කිරීම සඳහා මෙම මෝසම ගොනු කළ බවත් නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම මෝසම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් පසුව ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු වූ බව සටහන් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුරත් - සජිත් ප්‍රේමදාසත් එකට එකතු වුණාම - රටටත් හොඳයි - ජනතාවටත් හොඳයි #sajithpremadasa
Video thumbnail
කචල් සජබයේ ඇත්තම පිපිරීම ජේෂ්ඨයෝ පිළිගනී - "හිරුණිකාට මම ඊයේ රෑත් කතා කළ" #sjb
03:04
Video thumbnail
මානව ඉතිහාසය වෙනස් කළ මොහොත #INTERNATIONAL_INSIGHT #globalnews
08:55
Video thumbnail
තිස්ස බොදු දරුවෙක් වෙයි - ආණ්ඩුවේ ගුණ වයයි #sajithpremadasa #anurakumaradissanayake
01:37
Video thumbnail
මාලිමාව ජනතාවට කියලා ආපු දේ නෙමෙයි කරන්නේ
04:05
Video thumbnail
අහෝ දුකකි - කිරි ඇල්ලත් මාලිමාවට ? - ආණ්ඩුවට අපි කල් දෙන්න ඕනි #sjb #anurakumaradissanayake
02:19
Video thumbnail
හොරකම වලක්වන්න හොදම දේ තමයි සජබට කතිරේ ගහන එක
04:59
Video thumbnail
සුරාබදු නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව කළ සුපිරි වැටලීම - ලක්ෂ 80කට වැඩි බීඩි කොළ මාට්ටු
01:55
Video thumbnail
සමගිය ඇතුළෙ කැකෑරෙන අසමගිය - රන්ජිත් මද්දුම බන්ඩාර සියල්ල හෙළි කරයි
04:32
Video thumbnail
වගකීම තියන්නේ අනුර ලග
03:40

?