Update – ලාගාඩියා ගුවන් තොටුපොළේ ගුවන් අනතුරින් නියමුවන් දෙදෙනා මරුට

නිව්යෝර්ක් නුවර ලාගාඩියා ගුවන් තොටුපොළ වෙත ගොඩබැස් වූ එයාර් කැනඩා එක්ස්ප්‍රස් යානයක් සහ ගුවන් තොටුපොළ ගිනි නිවන රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් ගුවන් නියමුවා සහ සහාය නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව
වාර්තා වනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 41 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් 39 දෙනෙකු ගුවන් යානයේ සිටි මගීන් බවයි වාර්තා වුණේ.

අනෙක් දෙදෙනා ගිනි නිවන රථයේ සිටි නිලධාරීන් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ජෑස් ඒවියේෂන් සමාගමට අයත් මෙම එයාර් කැනඩා 8646 දරණ යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 76 දෙනෙකු සිට තිබෙනවා.

යානය ගොඩබස්වා පැයට සැතපුම් 24ක වේගයෙන් මන්දගාමී වෙමින් තිබියදී එය ගුවන් තොටුපොළ ගිනි නිවන රථය සමඟ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරත් සමඟ ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගැන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්