Update – මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 600 ඉක්මවයි

මධ්‍යම මොරොක්කෝවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 632ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

මොරොක්කෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ යාවත්කාලීන කිරීම්වලට අනුව මෙම ව්‍යසනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ද 329ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තුවාල ලැබූවන්ගෙන් 51 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවට තොරතුරු වාර්තා වනවා.

විදෙස් මධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මුදාගැනීමේ කණ්ඩායම් තව දුරටත් මෙහෙයුම් දියත් කරන බවයි.

මේ අතර මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවයි මුදාගැනීමේ කණ්ඩායම් පවසන්නේ.

ඊයේ (08) රාත්‍රීයේ එරට වේලාවෙන් 11:11ට පමණ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් මම භූමිකම්පාව සිදුව තිබුණා.

පළමු භූකම්පනය සිදුවී මිනිත්තු 19 කට පසුව රිච්ටර් මාපක 4.9ක පසු කම්පනයක් ද සිදු වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04