Update – මීගමුවේ දී වෙඩි කෑ පුද්ගලයා ජීවිතක්ෂයට

මීගමුව, දුංගල්පිටිය, ලෙල්ලම ප්‍රදේශයේ දී අද (12) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ මීගමුව රෝහලෙන් අප කළ විමසීමක දී ඒ බව තහවුරු කළා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වුණේ 25 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (12) උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.