Update :- මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ දැරියන් තිදෙනා සොයා මෙහෙයුම්

සූරියවැව – මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් අතුරුදන්ව ඇත්තේ දැරියන් තිදෙනෙක් බව වාර්තා වනවා.

අතුරුදන්ව සිටින තිදෙනා සොයා සෝදිසි මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ 18, 16 සහ 10 යන වයස්වල පසුවූවන බවයි වාර්තා වුණේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ පුද්ගලයින් අටදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් පස්දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිවූ බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස බේරාගෙන රෝහල් ගතකළ පිරිස අතර බිළිඳෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර, ඔවුන් ඥාතියෙකුගේ උත්සවයක් සඳහා සූරියවැව ප්‍රදේශයට පැමිණ සිටි ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අටදෙනා මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා කුඩා ඔරුවක නැඟී ගමන් කරන අවස්ථාවේ දී වැව මැදදී ඔරුව පෙරළී එම අනතිර සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07