Update – පිරමීඩ මූල්‍ය වංචාවට ඇල්ලූ ධම්මික කුමාර රණසිංහ සහ බිරිඳ රිමාන්ඩ්

පිරමීඩ මූල්‍ය ආයතනයක් පවතවා ගෙන ගොස් මූල්‍ය වංචා කළ බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු ධම්මික කුමාර රණසිංහ නැමැත්තා සහ ඔහුගේ බිරිඳ අද (08) අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහි දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ ඔවුන් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ලෙසයි.

“ජෙඩ්සීස් බිස්නස් ස්කූල්” නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා එම සමාගම ඔස්සේ රුපියල් මිලියන 1,800කට අධික මුදලක් වංචා කර මලයාසියාවට පැනගොස් සිටි නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී සැකකරු අද (08) කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

දිවයිනට පැමිණි සැකකාර සැමියා නිවසට රැගෙන යාමට ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ වන සමුද්‍රා ප්‍රේමචන්ද්‍ර නමැත්තිය ද අත්අඩංගුවට ගෙන ඇත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?