Update – නුවරඑළිය DIGගේ උෂ්නේ ගහපු පුද්ගලික සහකාරට වැඩ වරදියි (වීඩියෝ)

නුවරඑළිය නගරයේ ආපනශාලාවකට ඇතුළු වී එහි හිමිකරුට සහ සේවකයෙකුට බැණ තර්ජනය කර පහරදුන් සිද්ධියට නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව වෙනත් පොලිස් කොට්ඨාසයක සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරිමට ද පියවර ගත් බවයි නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක පැවසුවේ.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් එම පොලිස් පරීක්ෂකවරයා ස්ථාන මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිසම වෙත දැනුම් දි ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.

මෙම සිද්ධිය දසත නිව්ස් මඟින් හෙළිදරව් කිරිමෙන් පසු අගතියට පත් එම ආපනශාලාවේ හිමිකරු නුවරඑළිය පොලිස් අධිකාරි කාර්යාලය වෙත අද (04) දිනයේ කැදවා සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදිමෙන් අනතුරුව මධ්‍යට අදහස් දැක් වූ ආපනශාලාවේ හිමිකරු කියා සිටියේ තමන්ගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත්, මින් ඉදිරියට පොලිස් නිලධාරින්ගෙන් මෙවැනි බලපැම් සිදුනොවීමට උසස් පොලිස් නිලධාරින් වගබලාගත යුතු බවයි.

මෙම පුවත පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14