නුවරඑළිය DIGගේ පුද්ගලික සහකාරවරයා DIGගේ නම විකුණා හෝටල්වලින් බලෙන් කාලා

නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරියා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා නුවරඑළිය නගරයේ ආපනශාලාවකට පැමිණ එහි හිමිකරුට සහ සේවකයෙකුට තර්ජනය කර පහරදී ඇති බව වාර්තා වනවා.

මදුසංක අලවල නැමැති අදාළ පොලිස් පරීක්ෂකවරයා ඊයේ (03) අලුයම් කාලයේ එම ආපනශාලාවට පැමිණ; මෙලෙස තර්ජනය කර පහරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පොලිස් පරීක්ෂණවරයා අධික ලෙස මත්පැන් පානය කරමින් නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටල් සහ ආපනශාලා වෙත ගොස් තමන් නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරවරයා බව පවසා ඒවායෙන් ආහාර පාන ගෙන භාණ්ඩ ද රැගෙන ඒවාට මුදල් නොගෙවා රැගෙන යෑමට හුරු වී සිටින ඇති බවයි නුවරඑළිය වෙළඳසැල්හිමියන් පවසන්නේ.

මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩිලෙස අගතියට පත්ව සිටින බවයි නුවරඑළිය නගරයේ ආපනශාලා හා වෙළදසැල් හිමිකරුවන් වැඩිදුරටත් කියා සිටියේ.

අදාළ පොලිස් පරීක්ෂණවරයා පසුගිය තුන්වනදා අලුයම සිද්ධිය සිදුවූ නුවරඑළිය මුස්ලිම් දේවස්ථානය අසළ පිහිටි ආපනශාලාව වෙත ඊට පෙර දින (02) දහවල් පැමිණ එම ආපනශාලාහිමිකරුගෙන් මත්පැන් බෝතලයක් ඉල්ලා තිබෙනවා.

එය ලබාදීම ආපනශාලාහිමියා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයට පත් එම පොලිස් පරීක්ෂකවරයා ඊට පසු දින (03) අලුයම කාලයේ ආපනශාලාව වෙත පැමිණ එම ආපනශාලා හිමිකරුට තර්ජනය කර පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී ආපනශාලාවේ සහායට සිටි සේවකයාට ද පරුෂ වචනයෙන් බැණ පහරදී ඇති බව සඳහන්.

පසුව ආපනශාලා හිමියාට ආපනශාලාවේ අලෙවි කිරීමට පිළියෙල කර තිබූ ආහාර; ආහාරයට ගන්නා ලෙස තර්ජනය කර ඔහුට බලෙන්ම එම ආහාර කවා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදවා වැටලීමක් සිදුකර ආපනශාලාව වසාදමන බවට එහිදී පහු විසින් තර්ජනය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආපනශාලා හිමිකරු සඳහන් කළේ කලක සිට තමන්ට මෙම පොලිස් පරීක්ෂකවරයාගෙන් මෙවැනි ආකාරයේ කරදර සිදුවන බවයි.

ඔහු පොලිස් නිලධාරියෙකුවීම නිසා පොලිසිය මඟින් තමන්ට සාධාරණයක් ඉටු නොවන බවට ඇති සැකය මත මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට පවා තමන් පැකිලුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පොලිස් පරීක්ෂකවරයාගේ හැසිරීම ආපනශාලාවේ සවිකර තිබූ ආරක්‍ෂිත දර්ශනවල ද සටහන් වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46