Update – නාවික හමුදා යාත්‍රා අනතුරින් 11 දෙනෙකු බේරාගැනේ – සෝදිසි මෙහෙයුම් තවදුරටත් (වීඩියෝ)

අඟුලානට ආසන්න මුහුදු තිරයේ දී නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරය යාත්‍රාවක් අද (15) දහවල් අනතුරට ලක් වුණා.

මෙම අනතුරින් යාත්‍රාවේ සිටි 11 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එලෙස බේරාගත් 11 දෙනාගෙන් 08 දෙනෙක් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුව අවස්ථාවේ දී යාත්‍රාවේ නාවිකයින් 12 දෙනෙකු සිට තිබෙනවා.

එක් නාවිකයෙක් තවමත් අතුරුදන්ව ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සෝදිසි මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක කරනවා.

මෙම මෙහයුම් සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.