Update – තල්දෙනින් පැන්න නවදෙනාගෙන් දෙදෙනෙක් අල්ලයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බදුල්ල – තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටිය දී අද (17) අලුයම ඉන් පළාගිය රැඳවියන්ගෙන් දෙදෙනෙකු සොයා ගැනීමට පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මෙම මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන්ගෙන්, රැඳවියන් නවදෙනෙක් අද (17) අලුයම් කාලයේ ඉන් පළාගොස් තිබුණා.

එලෙස පළාගිය රැඳවියන් සොයා බදුල්ල පොලිසියේ නිලධාරීන් සහ බන්ධාගාර නිලධාරීන් එක්ව පසුව මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

පළාගිය අනෙකුත් රැඳවියන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මත්ද්‍රව්‍ය හා සුළු වැරදිවලට චෝදනා ලැබූ තරුණයින් මෙම මධ්‍යස්ථානය තුළ පුනරුත්තාපනය කරණු ලබනවා.