Update – කපුගම වෙඩි ප්‍රහාරයේ CCTV සාක්ෂි එළියට විමර්ශනයට පොලිස් කණ්ඩායම් තුනක් (වීඩියෝ)

ගන්දර, කපුගම ප්‍රදේශයේදී අද (03) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් තුවාල ලැබුවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් හා බස් රථ හිමිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා පසුගිය මාර්තු මාසයේ දී දෙවුන්දර දේවාලය අසළ සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය තරුණයන් දෙදෙනාගේ ළඟම මිතුරාගේ පියා බවට අනවරණය වී තිබෙනවා.

අද දින වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයාගේ පුතා විදෙස්ගතව සිටින බවයි පොලිසිය පැවසුවේ.

‎අද (03) උදෑසන 6.30ට පමණ සිය නිවසේ ඉදිරිපිට තේ පානය කරමින් සිටියදී ව්‍යාපාරිකයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

මේ අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් හුංගම පොලිසියේ විශේෂ කණ්ඩායම් තුනක් අංශ තුනක් ඔස්සේ විමර්ශන ආරම්භකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

මේ අතර මෙම වෙඩි තැබීම සිදුකළ ආකාරය අසල පිහිටි ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11