Update – කටුනායක – හීනටියන වෙඩි තැබීමේ තවත් තොරතුරු අනාවරණය වෙයි (වීඩියෝ)

කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේ අද (29) අලුයම 5.35ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල් ගත කෙරුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ හීනටියන ප්‍රදේශයේ පදිංචිව සිටි උදාර චතුරංග නමැති 29 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා සිය පියා සමඟ නිවසේ කාමරයක නිදාගෙන සිටි අවස්ථාවේ දී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පළමුව මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රොහල වෙත මාරුකර යවා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා මුදල් පොළියට ලබාදීම සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වා ගෙන යනු ලබන අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

T-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවල දී අනවරණය වී ඇති අතර, හිස් පතරොම් කොපු දෙකක් නිවසෙහි කාමරය තුළ වැටී තිබිය දී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධර්මසේනගේ උපදෙස් මත කටුනායක ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ලාල් චන්දචන්ද්‍රසිරිගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් කුමාරසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17