AFC Banner
AFC Banner
Empty Ad

Update – උත්සව සමයේ මහ පාරේ පොලිස් රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහනවලන් සිදුවූ රිය අනතුරු සැළකිල්ලට ගනිමින් මෙම රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙහිදී ප්‍රධාන වශයෙන් මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂණා කිරීමක් සිදුකෙරන අතර, රියදුරන් මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන්නේ ද යන්න විශේෂයෙන් සොයා බැ‍ලෙන අතර අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කිරීම, ධාවනය නුසුදුසු තත්ත්වයේ වාහන ධාවනය කිරීම ඇතුළු අනතුරුදායක තත්ත්වයෙන් රිය ධාවනය කරන පුද්ගලයන් පරීක්ෂා කිරීම සිදුකරනු ලබන බවයි පොලිසිය පවසන්නේ.

දිවයින පුරා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර පැය 24 පුරා නිලධාරීන් යෙදවීමට නියමිතයි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරන කාල සීමාව තුළදී අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරනු ලබන රියදුරන් සම්බන්ධයෙන් 119 සහ 1997 යන කෙටි දුරකතන අංකවලට තොරතුරු ලබාදිය හැකි අතර, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස්ඇප් මගින් එවීමේ හැකියාව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?