spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – ඉන්දියාවේ මාරක දුම්රිය අනතුරෙන් මියගිය පිරිස තවත් ඉහළට (ඡායාරූප)

ඉන්දියාවේ ඔඩීෂාහි දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 280ක අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සියවසේ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය වන අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඉන්දීය බලධාරීන් සඳහන් කළේ.

මෙම මාරාන්තික අනතුරෙන් තවත් පුද්ගලයින් 900කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අතිරේක වෛද්‍යවරුන් 100 කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ, මෙම සිදුවීමෙන් තමන් දැඩි ශෝකයට පත් වූ බවත්, තමාගේ සිතුවිලි විපතට පත් පවුල් සමඟ සිටින බවයි.

එමෙන්ම විපතට පත්වූ පුද්ගලයින්ට කඩිනම් සහන ලබාදීමට පියවර ගන්නා ලෙසට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර අද දිනය ඔඩීෂා ප්‍රාන්තයේ ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ (02) රාත්‍රී 7.00 පමණ ෂලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ ‘කොරමැන්ඩල් එක්ස්ප්‍රස්’ දුම්රිය පිළී පැනීමකට ලක්ව එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දිශාවේ දුම්රිය මාර්ගයට වැටී තිබෙනවා.

අනතුරුව එම මාර්ගයේ යෙස්වාන්පූර් සිට හොව්රා වෙත ධාවනය වෙමින් තිබූ ‘සුපර් ෆාර්ස්ට් එක්ස්ප්‍රස්’ දුම්රිය ඒ මාර්ගයට වැටී තිබූ දුම්රිය මැදිරිවල ගැටී අනතුරට ලක්ව ඇති අතර, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්ද පසුව එම දුමිරියේ ගැටී මෙම මාරාන්තික අනතුර සිදුව තිබෙනවා.

100716251
whatsapp image 2023 06 02 at 20.03.49
1685765114 train
771c1233 e2b6 4581 841a
odisha train accident over 230 dead 900 injured pm announces ex gratia of rs 2 lakh to kin of deceased
np file 231259
Damaged carriages are seen at the accident site of a three-train collision near Balasore, about 200 km (125 miles) from the state capital Bhubaneswar, on June 3, 2023. At least 207 people were killed, more than 850 more were injured and many others are feared trapped after a horrific three-train collision late June 2 in eastern India’s Odisha state, local officials said. (Photo by Dibyangshu SARKAR / AFP)
129975550 mediaitem129975549
0lj7ea9g odisha train
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
11
+1
1
+1
8
+1
308
+1
16
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?