Update – ඇමරිකානු යුද නැවකට ප්‍රහාරයක් එල්ල වූ බවට පළවන වාර්තා ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි

තම යුද නෞකාවකට ඉරාන මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවට පළවන වාර්තා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරනවා.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි සෙන්ට්කොම් එක්ස් හි සටහනක් තබමින් පවසන්නේ, “එක්සත් ජනපද නාවික හමුදා නෞකාවකට පහර දී නැත” යනුවෙන්.

කෙසේ වෙතත් ඉරාන හමුදාව මීට පෙර කියා සිටියේ එක්සත් ජනපද නාවික නෞකවකට හෝර්මුස් සමුද්‍ර සන්ධියට ආසන්නයේ දී මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි.

ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය වන ෆාර්ස් පැවසුවේ, ඇමරිකානු යුද නෞකාව අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන්නේ තම රජයට අයත් තෙල් සමාගමක් වන ඇඩ්නොක් සමඟ අනුබද්ධිත නෞකාවක් හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව එරට විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයෙන් ඉල්ලා සිටියේ ප්‍රහාරය නවත්වන ලෙසත් සියලු සතුරුකම් වහාම නැවැත්වීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම සහ කොන්දේසි විරහිතව නැවත විවෘත කිරීමට එහි පූර්ණ කැපවීම සහතික කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30