Update – අයහපත් කාලගුණයෙන් අහිමි වූ ජීවිත ගණන 26ක් දක්වා ඉහළට (වීඩියෝ)

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (27) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

බලපා ඇති අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රිකයටයි.

එම දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බවයි අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්ත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙසයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?