Update – ‘බ්ලුමැන්ඩල් සංඛ’ කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රණසිංහ ආරච්චිගේ සංඛ ශිරාන්ත නොහොත් ‘බ්ලුමැන්ඩල් සංඛ’ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත අද (14) දහවල් රැගෙන ගොස් තිබෙනවා.

ඔහු සමඟ මෙරටට පිටුවහක් කර තිබූ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙක්වන මෝදර නිපුනගේ මල්ලී නොහොත් මෝදර චතුර විමර්ශන කටයුතු සඳහා නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත අද (14) උදෑසන රැගෙන යනු ලැබුවා.

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඊයේ (14) රාත්‍රියේ මෙරටට පිටුවහල් කර එවා තිබුණා.

මොවුන් මෙරටින් පළා ගොස් අබුඩාබි නුවර සැගවී සිටින අතරතුර , මැදපෙරදිග යුද්ධයේ දී ඉරානය විසින් ප්‍රහාර සදහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිල වල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනවල රදවා තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා රණසිංහ ආරච්චිගේ රුවන් චාමර නමින් එන්.8739521 අංක දරණ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් විදේශ ගතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14