Update – දෙහිවල බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන ත්‍රිරෝද රථයේ අත්බෝම්බයක කොපුවක්

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි ත්‍රිරෝද රථය බවට සැක කෙරෙන ත්‍රිරෝද රථය පාදුක්ක, පහළ බෝපේ ප්‍රදේශයේ තිබී අද (11) දහවල් සොයා ගැනුණා.

හිමිකරුවකු නොමැති ත්‍රිරෝද රථයක් තම නිවස ආසන්නයේ තිබෙන බවට උදෑසන මල් කැඩීමට පැමිණි පුද්ගලයෙකු දැක ඒ පිළිබදව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු එහි ගොස් අදාළ ත්‍රිරෝද රථය පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබුණා.

අදාළ ත්‍රිරෝද රථය තුළ තිබී අත්බෝම්බයක කොපුවක් ද හමු වූ බවයි පොලිසිය පැවසුවේ.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මේ පිළිබදව විමර්ශන සිදුකරනු ලබනවා.

අද (11) අලුයම් කාලයේ දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබූ අතර, ඒ සඳහා අදාළ සැකකරු රතු පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණෙන ආකාරය අවට තිබූ ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබුණා.

මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් වසේ නිදාසිටි 11 හැවිරිදි සහ 17 හැවිරිදි දරුවන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙහිදී දරුවන් දෙදෙනාගේ 55 හැවිරිදි පියා ද තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28