TNA ජනපති හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

පසුගියදා පැවති සර්ව පාක්ෂික හමුවේදී සාකච්ඡා වූ කරුණු ඉදිරියට සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බවයි දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කියාසිටියේ.

අග්‍රාමාත්‍යවරයා විදේශ අමාත්‍යවරයා මෙන්ම අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ද මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

එමෙන්ම දෙමළ සන්ධානයෙන් පක්ෂ නායක ආර් සම්බන්ධන් සහ එම් ඒ සුමන්තිරන් එක්වූ අතර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව සඳහන්.

මෙම සාකච්ඡාවේදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඉන් 5 දෙනෙකු පමණ නිදහස් කිරීමට හැකියාව පවතින බවයි. අනෙක් පිරිස නිදහස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන බව නීතිපතිවරයා දන්වා තිබෙනවා.

එමෙන්ම උතුරේ ඉඩම් යළි හිමිකරුවන් වෙත නිදහස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බවයි එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහිදී ප්‍රකාශ වී ඇත්තේ අදාළ ඉඩම් සම්බන්ධයෙන් යුද හමුදාව සමග සාකච්ඡා කර ඇති බවටයි.

ලබන ජනවාරි මස 3 වනදා පැවැත්වෙන ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම ඉඩම් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඒවා නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටයි ප්‍රකාශ වී ඇත්තේ.

අනතුරුව අනෙකුත් ඉඩම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවට මෙම හමුවේදී තීරණය වී තිබෙනවා.

යළිත් ජනවාරි මස 5 වනදා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඔහු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18