ගමම හඬවමින් අවසන් ගමන් ගිය 25 හැවිරිදි තරුණයා

හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙකු වටවල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වි ඇති බව වටවල පොලිසිය පැවසිය.

අනතුරෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය වැලිගම්පොල ප්‍රදේශයේ පදිංචි ඇන්තොනි ඩුමිනික් (25) හැවිරිදි තරුණයෙකි.

මරණකරු පෞද්ගලික සමාගමක අලෙවි කලමණාකරුවෙකු වශයෙන් සේවය කරමින් සිට ඇති බවත්, (15) දින පස්වරුවේ සේවය අවසන් වි නිවස කරා යමින් සිටියදි හැටන් නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කැරොලයිනා වත්ත ප්‍රදේශයේදි යතුරුපැදිය ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලි යාමෙන් අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් හිසට බරපතල හානි සිදු වි තිබු යතුරුපැදිකරු වටවල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් වි ඇති බවත්,යතුරුපැදිකරු හිස් ආවරණය නිසි ලෙස නොපැලද සිටින්නට ඇති බවට පොලිසිය සැකකරයි.

අනතුරෙන් මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණය වෛදවරයා වෙත යොමු කර ඇත.

1 1 1
5 5
2 2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00