spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගමම හඬවමින් අවසන් ගමන් ගිය 25 හැවිරිදි තරුණයා

හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙකු වටවල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වි ඇති බව වටවල පොලිසිය පැවසිය.

අනතුරෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය වැලිගම්පොල ප්‍රදේශයේ පදිංචි ඇන්තොනි ඩුමිනික් (25) හැවිරිදි තරුණයෙකි.

මරණකරු පෞද්ගලික සමාගමක අලෙවි කලමණාකරුවෙකු වශයෙන් සේවය කරමින් සිට ඇති බවත්, (15) දින පස්වරුවේ සේවය අවසන් වි නිවස කරා යමින් සිටියදි හැටන් නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කැරොලයිනා වත්ත ප්‍රදේශයේදි යතුරුපැදිය ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලි යාමෙන් අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් හිසට බරපතල හානි සිදු වි තිබු යතුරුපැදිකරු වටවල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් වි ඇති බවත්,යතුරුපැදිකරු හිස් ආවරණය නිසි ලෙස නොපැලද සිටින්නට ඇති බවට පොලිසිය සැකකරයි.

අනතුරෙන් මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණය වෛදවරයා වෙත යොමු කර ඇත.

1 1 1
5 5
2 2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?