AFC Banner
Empty Ad
Empty Ad

T20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාවට උරුම වූ ලෝක වාර්තා

ශ්‍රී ලංකාව තේ කොළ වලට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රසිද්ධ යැයි කීවොත් එය අතිශෝක්තියක් නොවේ.මන්ද යත් සිරි ලක් වැසියන් තරම් ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන අන් ජාතියක් නොමැති තරම්ය.
2014 වසරේ දී 20යි 20 ලෝක ශූරතාවය පවා දිනා ගත් ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී 20යි 20 අනුශූරතාවය ද දිනා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ තබා ඇති ලෝක වාර්තා ප්‍රමාණය ද සුළු පටු ප්‍රමානයක් නොවේ.කණ්ඩායමක් වශයෙන් මෙන්ම තනි තනි ක්‍රීඩකයන් ලෙසත් ඔවුන් මෙම තරඟාවලිය විචිත්‍රවත් කලා.

අද මෙම සටහන වෙන් වන්නේ ශ්‍රී ලංකාව තබා ඇති එවැනි ලෝක වාර්තා කිහිපයක් පිළිබදව විමසා බැලීමටය.

ජයග්‍රහන 22ක්

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හී දී වැඩිම තරග ප්‍රමාණයක් ජය ගෙන ඇති රට වන්නේ ශ්‍රී ලංකාවයි.
අප කණ්ඩායමක් වශයෙන් 20යි 20 ලෝක කුසලාන තරග 35ක් ක්‍රීඩා කර ඉන් තරග 22ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

අවසන් තරග 3ක්

එමෙන්ම 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරග 3කට ක්‍රීඩා කළ එකම කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකාවයි.

Full Scorecard of India vs Sri Lanka Final 2013/14 - Score Report |  ESPNcricinfo.com
2014 ICC T20 ශූරයන්

ඉනිමකදී ලැබූ ඉහලම ලකුණු ( 260/6 )

ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වසරේ දී කෙන්යාවට එරෙහිව පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 260ක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය අදටත් වාර්තා අතරට එක්ව ඇත්තේ 20යි 20 ලෝක කුසලාන තරගයක ඉනිමක වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දක්ෂතාවය දක්වනු ලැබුවා.

Sri Lanka to host Zimbabwe for three ODIs in January 2022
Sri Lanka vs Zimbabwe

ලකුණු 8ට කඩුලු 6ක්

ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ද 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා පොත් අතරට එක්ව ඇත්තේ ඉනිමක ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය දක්වමින්.

අජන්ත 2012 වසරේ දී හම්බන්තොට ක්‍රීඩාංගනයේ දී ලකුණු 8කට කඩුලු 6ක් දවා ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.20යි 20 ලෝක කුසලාන තරගයක ඉනිමක කඩුලු 6ක් දවා ගත් එකම පන්දු යවන්නා වන්නේ ද ඔහුයි.

ලෝක කුසලාන තරගයක දෙවැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේම රංගන හේරත් විසින් වීම ද විශේෂත්වයක්.2014 තරගාවලියේ දී අපට අමතක නොවුනු නවසීලන්තයට එරෙහි පැවති ඒ තියුණු තරගයේ දී ඔහු ලකුණු 3කට දවා ගත් කඩුලු 5 යි එලෙස වාර්තා අතරට එක්ව ඇත්තේ.

Herath and Mendis at a practise session ahead of WT20 final - Island Cricket
අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත්

ලකුණු දහසේ සීමාව ( 1,000 )


20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1,000 සීමාව පසු කළ පිතිකරුවන් සිටින්නේ එක් අයෙකු වීම ද විශේෂත්වයක්.එම දක්ෂතාවය දක්වා ඇත්තේ ශ්‍රී ලංකා හිටපු නායක, වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධනයි.

මහේල ලකුණු 1,016ක් වාර්තා කර ඇත්තේ තරග 31කදීයි.

එම ලේඛනයේ දෙවැනි ස්ථානය ක්‍රිස් ගේල්ට හිමිව ඇති අතර, ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 920ක්. විරාට් කෝලි ලකුණු 777ක් ද, ඒ.බී. ඩි විලියස් ලකුණු 717ක් වාර්තා කර තිබෙනවා.

Mahela Jayawardene becomes first cricketer to score 1000 runs in World T20
මහේල ජයවර්ධන ලෝක කුසලානය සමග
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?